Aquascience - Pioneers in bringing the RO technology to Sri Lanka

Hotline: (+94) 11 2 87 77 00
  • Home
    • About Us
    • Technologies
  • Water Treatment
    Solutions
    • RO Systems
      • RO Solutions
        • Domestic RO System
        • Light Commercial RO System Funnel
        • Industrial RO System (TAP Water / Brackish Water / Sea water )
      • RO Care
        • Antiscalent
        • RO Cleaners
    • Tap/City water purification system
      • Cleansui
      • Paragon
    • Hardness & Ion removal systems
      • Ecomix
      • Scale Buster
      • Aqua Science
    • Water Disinfection
      • Chlorination
      • UV Sterilization
      • Ozone
    • Media Filters
    • Water meters
    • Desalination System
      • Aqua Life
    • Dosing Pump
      • Dosatron (Non – electrical)
      • ALIPU (electrical)
    • Testing Solutions
      • Aquasol
      • Drinking water kits
      • Microbiological Testing Kits
      • Digital Test Equipment
        • Handheld meters
        • Benchtop Meters and Industrial Electrodes
        • Online and Pen Type Meters
        • Portable and Tabletop meters
        • Laboratory Electrodes
        • Standard Solutions
    • Zirantec Pumps and Motors
  • Waste Water
    Treatment
    • New Yuda Intelligent Purification Tank
    • Kubota
    • Sintex
      • FRP Underground Fuel Tanks
      • Package Sewage Treatment Plants
      • SMC Panel Tanks
      • Underground Water Storage Tanks
    • Septage
    • Geogreen
    • EcoTech
    • Zirantec Pumps and Motors
  • Solid Waste
    Management
    • Composting Units
      • Domestic-From 2kg/day to 30kg/day
      • Industrial-30kg/day to1000kg/day
  • Air & Surface Purification
    Solutions
    • Bipolar lionization Technology
      • What is Disinfection?
      • Bipolar Ionization Technology
      • Bipolar Ionization System
        • Atmos Air (Bipolar devices for centralized AC systems (HVAC))
        • STERIONIZER (Bipolar devices for standalone AC’s)
        • SHARP (For Non-AC Areas – Portable Bipolar Units)
    • UV Disinfection
      • Technology
      • UV Healer
    • Ozone Disinfection
      • Technology
        • What is sterilization?
        • Corona discharge technology
      • Dino Ozone Generators
  • Products
  • Media &
    News
    • Brands
    • CSR Projects
      • CSR Projects Continued
    • Project Gallery
    • Brochures
    • Projects
    • Blog
  • Contact Us
FREEQUOTE
  • Home
  • 2024
  • December
September 28, 2025

Month: December 2024

කාර්මික අපජල පිරිපහදුව සඳහා Electrocoagulation තාක්ෂණය උපයෝගී කර ගනිමු

Tuesday, 10 December 2024 by admin

ජලය අප සතු වටිනාම සම්පතකි. සිදුවන සීඝ්‍ර කර්මාන්ත​ වර්ධනය සහ නාගරික ජනගහණය වැඩි වීමත් සමඟ පිරිසිදු ජලය සඳහා අධික ඉල්ලුමක් පවතී. එම නිසාවෙන්ම ඵලදායී අපජල පිරිපහදුව අද වන විට වඩාත් කාලීන මාතෘකාවක් වී ඇත​. රජයේ නියාමන ප්‍රමිතීන් සපුරාලීමට පමණක් නොව අපගේ පරිසරය සුරැකීමට ද තිරසාර ජල ප්‍රතිභාවිත ක්‍රමෝපායන්වල අවශ්‍යතාවය ඉතා වැදගත් වේ. විශාල වශයෙන් අපජලය නිපදවෙන කර්මාන්ත අංශයන් සඳහා එම අපජලය කාර්‍යක්‍ෂමව පිරිපහදු කිරීම සඳහා ප්‍රබල විසඳුමක අවශ්‍යතාවය පැන නගී. එයට පිළියමක් වශයෙන් Electrocoagulation තාක්ෂණය හඳුන්වා දිය හැක​.

ජලය ප්‍රතිභාවිතය (නැවත භාවිතය) වැදගත් වන්නේ ඇයි?

නිෂ්පාදන ක්‍රියාවලියේ සිට සිසිලන පද්ධති දක්වා විවිධ කාර්මික ක්‍රියාවලීන්හි අත්‍යවශ්‍ය කාර්‍යභාරයක් ජලය විසින් ඉටු කරයි. ජල හිඟය ගෝලීය ගැටලුවක් බවට පත්වීමත් සමඟ, පිරිපහදු කළ අපජලය නැවත භාවිතා කිරීම හුදෙක් ක්‍රියාවලියක් පමණක් නොව; එය අපගේ ජල සම්පත් සංරක්‍ෂණය සඳහා අත්‍යවශ්‍ය පිළිවෙතකි. අපජලය ඵලදායි ලෙස පිරිපහදු කිරීම සහ නැවත භාවිතා කිරීම මගින් කර්මාන්තවලට ඒවායේ ජල පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි අතර එය තිරසාර සංවර්ධනය සඳහා ද දායක වේ.

අපජලය පිරිපහදු කරන්නේ ඇයි?

කාර්මික අපජලය තුළ බැර ලෝහ, තෙල් සහ කාබනික ද්‍රව්‍ය වැනි බොහෝ අපවිත්‍ර ද්‍රව්‍ය අන්තර්ගත වේ.  මෙම ජල දූෂක නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඒවා මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද බරපතළ හානි හෝ අහිතකර බලපෑම් සිදු විය හැක. අපජලය පරිසරයට මුදා හැරීමට හෝ නැවත භාවිත කිරීමට ආරක්‍ෂිත බව තහවුරු කර ගැනීම සඳහා වඩාත් කර්‍යක්‍ෂම අපජල පිරිපහදු ක්‍රම අවශ්‍ය වේ. පවතින​ සාම්ප්‍රදායික අපජල පිරිපහදු ක්‍රියා පටිපාටිවලට වඩා Electrocoagulation තාක්ෂණය බොහෝ වාසි සහිත ප්‍රවේශයකි.

කුමක් ද මේ Electrocoagulation තාක්ෂණය?

Electrocoagulation (EC) යනු අපජලයෙන් දූෂක ඉවත් කිරීම සඳහා ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙකක් – ඇනෝඩයක් සහ කැතෝඩයක් භාවිතා කරන විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියකි. විද්‍යුත් විච්ඡේද්‍යය (සාමාන්‍යයෙන් ජලය) හරහා සෘජු ධාරාවක් (DC – Direct Current) ගමන් කිරීමෙන් ලෝහ අයන ඇනෝඩයෙන් ද හයිඩ්‍රජන් වායුව කැතෝඩයෙන් ද මුදා හැරේ. මෙම ක්‍රියාවලිය හේතුවෙන් හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණ සෑදීම හරහා අපජලයේ ඇති අංශු උදාසීන කර, ඒවා කැටි ගැසීමට​ මග පාදයි. අනෙකුත් ක්‍රම මෙන් නොව, Electrocoagulation මගින් මෙම කැටිති මතුපිටට පාවීමට හැකියාව ලබා දෙයි, එහිදී ඒවා පහසුවෙන් ඉවත් කළ හැකිය, නැතහොත් sludge ලෙස පතුලෙහි තැන්පත් වූ පසු ඉවත් කළ හැකිය.

අපි Electrocoagulation නිර්දේශ කරන්නේ ඇයි?

Electrocoagulation තාක්‍ෂණය පහත සඳහන් අකාරයට, දැනට පවතින සාම්ප්‍රදායික අපජල පිරිපහදු කිරීමේ ක්‍රමෝපායන්ගෙන් වෙනස් වේ.

  1. ඉහළ කාර්‍යක්‍ෂමතාව​: Electrocoagulation මඟින් ජලයේ අවලම්බිත ඝන අංශු, බැර ලෝහ සහ ඇතැම් ද්‍රාවිත කාබනික ද්‍රව්‍ය පවා ඵලදායී ලෙස ඉවත් කර නැවත භාවිතයට සුදුසු පිරිපහදු කළ ජලය ලබා දේ.
  2. අවම රසායනික ද්‍රව්‍ය භාවිතය​: රසායනික කැටිති කාරක ක්‍රියාවලීන් (Flocculation) මෙන් නොව EC තාක්‍ෂණය, ජල පිරිපහදුව සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරයි. එම නිසා පිරිපහදු කළ ජලයෙහි කිසිඳු සෞඛ්‍යට අහිතකර ද්‍රව්‍ය අවශේෂ වීමට ඇති සම්භාවිතාවය​ ඉතා අඩු වේ.
  3. නම්‍යශීලී බව: මෙම ක්‍රියාවලිය විවිධ කාර්මාන්ත මෙන්ම විවිධ වර්ගයේ අපලජලයන් පිරිපහදු කිරීම සඳහා සඳහා සුදුසු වන පරිදි පහසුවෙන් පරිවර්තනය කළ හැක​.

Electrocoagulation හි ප්‍රතිලාභ​

  1. පිරිපහදු කළ අපජලයේ ගුණාත්මකභාවය: මෙමගින් අපජලයේ Turbidity, TSS, COD සහ අනෙකුත් දූෂක ද්‍රව්‍යවල කැපී පෙනෙන අඩුවීමක් ලබා ගත හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පැහැදිලි සහ ක්‍ෂුද්‍ර ජීවීගේන් තොර​ ජලය ලබා ගත හැක.
  2. අවම​ පිරිවැය: රසායනික කැටිති කාරක අවශ්‍යතා අඩුවීම සහ අඩු sludge ප්‍රමාණය සමඟ, මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අවම කර ගත හැක.
  3. පරිසර හිතකාමී: මෙය​ අඩු අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිපදවන ක්‍රියාවලියක් වන අතර​ අතර අපජල කළමනාකරණය සඳහා තිරසාර විසඳුමක් ඉදිරිපත් කරයි.
  4. මොඩියුලර් නිර්මාණය: කාර්මික අවශ්‍යතා වෙනස් වන විට පහසු පරිදි වැඩිදියුණු කිරීම් සහ අනුවර්තනය කිරීමට ඉඩ සැලසීමේ හැකියාව මෙයට ඇත​.

අවශ්‍යතා අනුව, තාක්‍ෂණය වැලි පෙරහන් (sand filters) හෝ සෙරමික් පටල පෙරහන් (ceramic membrane filters) වැනි උසස් පෙරීමේ පද්ධති සමඟ ඒකාබද්ධ කර ඉතිරි අංශු කාර්‍යක්‍ෂමව ඉවත් කර අප තවදුරටත් අපජලය පිරිසිදු කිරීමේ ප්‍රතිකාර ක්‍රියාවලියක් ලෙස වැඩි දියුණු කළ හැකිය. සෙරමික් පටල පෙරහන් විශේෂයෙන් ලවණ සහිත පරිසර තත්ව වල පවා අපජලය පිරිපහදු කිරීම වැනි දුෂ්කර යෙදුම් සඳහා හොඳින් ගැලපේ. වැලි පෙරහන් සාමාන්‍ය පරිසරයක් තුළ ඵලදායී හා ලාභදායී විකල්පයක් ඉදිරිපත් කළ හැකිය.

කර්මාන්ත විසින් අපජලය මුදා හැරීමේදී සිදුවන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා විශාල පීඩනයකට මුහුණ දෙන බැවින්, Electrocoagulation තාක්‍ෂණය ඵලදායී අපජල පිරිපහදු කිරීම සඳහා ප්‍රබල විසඳුමකි. එහි කාර්‍යක්‍ෂමතාව, අවම පිරිවැය, ඵලදායීතාවය සහ නම්‍යශීලී බව හේතුවෙන් රජයේ නියාමන අවශ්‍යතා සපුරාලීමට මෙන්ම තිරසාර ජල ප්‍රතිභාවිත පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමටත් කදිම අපජල පිරිපහදු කිරීමේ ක්‍රමයකි. Electrocoagulation වැනි නව්‍ය තාක්‍ෂණයන් වැලඳ ගැනීමෙන්, අපට පිරිසිදු, වඩා තිරසාර අනාගතයක් සඳහා මග පාදාගත හැකිය.

අදහස හා සංකලනය

නිපැ‍යුම් විශේසඥ  – තරුෂි කාරියවසම්

අධීක්ෂණය

ප්‍රවීණ උපදේශක – ඉංජිනේරු සුමිත සුමනවීර

ඒ. බී. සී. වෙළඳ හා ආයෝජන පුද්ගලික සමාගම

Read more
  • Published in Uncategorized
No Comments

Recent Posts

  • ICTAD 4 certified contractor in Water Treatment & construction

    From humble beginnings to a strong presence in ...
  • කාර්මික අපජල පිරිපහදුව සඳහා Electrocoagulation තාක්ෂණය උපයෝගී කර ගනිමු

    ජලය අප සතු වටිනාම සම්පතකි. සිදුවන සීඝ්‍ර කර්මාන...
  • Harnessing Electrocoagulation Technology

    Introduction Water is one of our most precious ...
  • Sri Lanka’s Water Purification and Treatment Industry: A Flowing Landscape of Trends

    Sri Lanka, the resplendent island nation, boast...
  • ground water Sri Lanka

    Evaluating Groundwater Quality in Anuradhapura, Vavuniya, and Mullaitivu, Sri Lanka

    Introduction Groundwater is a vital resource in...

Recent Comments

    Featured Posts

    • ICTAD 4 certified contractor in Water Treatment & construction

      0 comments
    • කාර්මික අපජල පිරිපහදුව සඳහා Electrocoagulation තාක්ෂණය උපයෝගී කර ගනිමු

      0 comments
    • Harnessing Electrocoagulation Technology

      0 comments
    • Sri Lanka’s Water Purification and Treatment Industry: A Flowing Landscape of Trends

      0 comments
    • ground water Sri Lanka

      Evaluating Groundwater Quality in Anuradhapura, Vavuniya, and Mullaitivu, Sri Lanka

      0 comments

    Archives

    • April 2025
    • December 2024
    • October 2024
    • February 2024
    • October 2023
    • September 2023
    • April 2023
    • June 2022

    Categories

    • Uncategorized

    GET A FREE QUOTE

    Please fill this for and we'll get back to you as soon as possible!

    OUR COMPANY

    • Home
    • About Us
    • Brands
    • Products
    • Technology
    • Privacy Policy

    ASSOCIATED COMPANIES

    • ABC Trade & Investments
    • Ice Technologies
    • Wintekh Trading
    • Targetonline
    • Digi Information Technologies

    CONTACT US

    Tel: (+94) 112 877 700
    Email: info@aquascience.lk

    ABC Trade & Investments (Pvt) Ltd
    No 03, Bandaranayakapura Road, Rajagiriya.

    Open in Google Maps

    • ABC Trade & Investments
    • Ice Technologies
    • Wintekh Trading
    • Targetonline
    • Digi Information Technologies
    Aquascience - Pioneers in bringing the RO technology to Sri Lanka

    © 2016-2025 All Rights Reserved.
    ABC Trade & Investments (Pvt) Ltd.

    TOP