- දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය ශ්‍රී ලංකාව පුරා පුළුල් විනාශයක් ඇති කර තිබේ. නිවාස, මාර්ග සහ ජීවනෝපායන් නැවත ගොඩනැගීම සඳහා ප්‍රජාවන් වෙහෙස නොබලා කටයුතු කරන අතරතුර, දූෂිත පානීය ජලය නිසා සැඟවුණු හා හදිසි තර්ජනයක් මතුවෙමින් පවතී. බොහෝ ජල මූලාශ්‍ර ගංවතුරට නිරාවරණය වී ඇති අතර, ඔබ නිවසේ පවතින ළිං හෝ කරාමවලට පවා හානිකර රෝග කාරක හෝ රසායනික ද්‍රව්‍ය ඇතුල් වීමට ඉඩකඩ පවතී.
ගංවතුර ජලයෙහි:
* අපද්‍රව්‍ය සහ මඩ
* E. coli වැනි හානිකර බැක්ටීරියා
* කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන
* කාර්මික අපද්‍රව්‍ය, අඩංගු විය හැක.
පරීක්ෂා නොකළ හෝ පිරිපහදු නොකළ ජලය පරිභෝජනය කිරීම පාචන රෝග, ටයිපොයිඩ්, හෙපටයිටිස් A/E, ලෙප්ටොස්පයිරෝසිස් සහ වෙනත් ආසාදන ඇතුළු බරපතල සෞඛ්‍ය අවදානම් වලට හේතු විය හැක. ළමුන්, වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් විශේෂයෙන් මෙම අවදානමට ලක් වේ.
ඔබ කළ යුතු දේ :
- පානය කිරීමට පෙර ඔබේ ජල ප්‍රභවය පරීක්ෂා (Water Quality Testing) කරන්න.
- පානය කිරීමට පෙර ජලය හොඳින් උණු කරගන්න.
- ක්ලෝරීන් හෝ අනුමත විෂබීජහාරක භාවිතා කරන්න.
- විෂබීජහරණය කර පරීක්ෂා කරන තුරු ගංවතුර අවට ඇති ළිං භාවිතා කිරීමෙන් වළකින්න.
- හැකි සෑම විටම බෝතල් කළ හෝ පිරිපහදු කළ ජලය භාවිතා කරන්න.
- අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා මුද්‍රා තැබූ පිරිසිදු බහාලුම්වල ජලය ගබඩා කර තබා ගන්න.
ඔබේ සෞඛ්‍යය සහ ආරක්ෂාව රඳා පවතින්නේ සුපරීක්ෂාකාරීව සිටීම මත ය. මෙම තොරතුරු පවුලේ අය, අසල්වාසීන් සහ මිතුරන් සමඟ බෙදා ගන්න. නිසි ජල ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන්න. මෙය බලපෑමට ලක් වූ ප්‍රජාවන් තුළ ද්විතියික සෞඛ්‍ය අර්බුදයක් වළක්වා ගැනීමට උපකාරී වේ.
ආරක්ෂිත පානීය ජලය අත්‍යවශ්‍යයි – කිසිදු අවදානමක් නොගන්න.
සටහන: සංචිලා හපුතැන්න



