Did you care about this?
Wastewater management in Sri Lanka is essential for environmental protection, public health, and sustainable development. The level of wastewater is increasing due to rapid urbanization, industrialization, and population growth in the country. Releasing untreated wastewater into rivers, lakes, drainage systems, and the ocean can cause serious water pollution, destroy aquatic life, create unpleasant odors, and disturb environmental balance. It also affects agriculture and pollutes groundwater sources.
Poor wastewater management can have serious impacts on public health. Consuming contaminated water can increase waterborne diseases such as diarrhea, cholera, typhoid, and hepatitis, which reduce the quality of life. However, properly treated wastewater can be reused for gardening, agriculture, and industrial purposes, helping to reduce water shortages.
From an economic perspective, effective wastewater management protects major sectors of Sri Lanka’s economy, such as tourism, fisheries, agriculture, and industries. Clean beaches, rivers, and lakes attract tourists and help maintain environmental balance. In addition, following Central Environmental Authority (CEA) standards helps industries and commercial institutions avoid legal issues and fines, supporting long-term development and promoting an eco-friendly culture.
Author – Inuri Siriwardhana
Translation:
ඔබ මේ ගැන සැලකිලිමත් වූවාද ?
ශ්‍රී ලංකාවේ අපජල කළමනාකරණයේ වැදගත්කම
ශ්‍රී ලංකාවේ අපවිත්‍ර ජල කළමනාකරණය පරිසර ආරක්ෂාව, මහජන සෞඛ්‍ය සහ තිරසාර සංවර්ධනය සඳහා අතවශ්‍ය කරුණකි. රට තුළ නාගරීකරණය, කර්මාන්තකරණය සහ ජනගහන වර්ධනය වැඩිවීමත් සමඟ අපවිත්‍ර ජල පරිමාණයද ඉහළ යමින් පවතී. නිසි ප්‍රතිකාරයකින් තොරව ගඟා, වැව්, කාණු පද්ධති මෙන්ම මුහුද වෙත අපවිත්‍ර ජලය මුදාහැරීමෙන් ජල දූෂණය, ජලජ ජීවින් විනාශය, දුර්ගන්ධය සහ පරිසර අසමතුලිතතා ඇති වේ. මෙය කෘෂිකර්මයටද බලපාන අතර භූගත ජලය දූෂිත වීමට හේතු වේ.
අපවිත්‍ර ජල කළමනාකරණය අසාර්ථක වීම මහජන සෞඛ්‍යයට දැඩි බලපෑම් ඇති කරයි. දූෂිත ජලය භාවිතය හේතුවෙන් අතීසාරය, කොලරාව, ටයිෆොයිඩ්, හෙපටයිටිස් වැනි ජලය හරහා පැතිරෙන රෝග වර්ධනය විය හැකි අතර, මෙය ජීව ගුණාත්මකභාවය අඩු කිරීමටත් හේතු වේ. එසේම, අපවිත්‍ර ජලය නිසි ලෙස පිරිපහදු කිරීමෙන් පසු නැවත භාවිතය (උදාහරණ ලෙස උද්‍යාන කටයුතු, කෘෂිකර්මය, කර්මාන්ත ) සඳහා යොදා ගත හැකි අතර, ජල හිඟය අඩු කිරීමටද උපකාරී වේ.
ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන විට, හොඳ අපජල කළමනාකරණ පද්ධති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර වන සංචාරක, මාළු, කෘෂිකර්ම සහ කර්මාන්ත ආරක්ෂා කරයි. පිරිසිදු වෙරළ, ගංඟා සහ වැව් සංචාරකයින් ආකර්ෂණය කරන අතර, ජල දූෂණය අඩු කිරීමෙන් ජීවිතය සහ පරිසරය අතර සමතුලිතතාව පවත්වා ගත හැක. තවද, කර්මාන්ත සහ වාණිජ ආයතන සඳහා CEA ප්‍රමිතීන් අනුගමනය කිරීම මඟින් නීතිමය ගැටලු සහ දඩ මුදල් අවම කරගත හැකි අතර, දීර්ඝකාලීනව සංවර්ධනය සහ පරිසර හිතකාමී සංස්කෘතියක් ගොඩනඟා ගැනීමටද මෙය දායක වේ.
Author – ඉනුරි සිරිවර්ධන


